අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මුතියංගණයේත් , මහියංගණයේත් බුදු සිසිල විදිමින් දුන්හිඳ කොමළියගේ සෞන්දර්යාත්මක බවින් සුසැඳි ඌව වෙල්ලස්සේ වියළුව කලාපයේ මීගහකිවුල අධ්‍යාපන කොට්ඨාසයේ විරාජමාණ වන මීගහකිවුල ජාතික පාසල් මාතාව සුන්දර කඳු වළල්ලකින් වට වූ සෝබමාන පරිසරයක පිහිටා ඇති අතර අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ හා ජේෂ්ඨ අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
















