නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මීගහකිවුල ජාතික පාසල

බ/මීගහකිවුල ජාතික පාසල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව කලාපයේ මීගහකිවුල කෙට්ඨාසය පොබයන ළහිරු මඬලක් වැනිය. සිසු හදවත් තුළ ගුණ නැණ වඩවා අභිමානවත් දූ පුතුන් දායාද කිරීමට අපමණ වූ මෙහෙවරක් සිදු කරමින් පවතින උත්කෘෂ්ඨ විදුබිමකි. මෙම පාසල් මාතාව දැයේ අනාගතය සාර්ථක කරන වස් තම මව් තුරුලින් දායාද කළ විශිෂ්ඨ දරුවන් ප්‍රමාණය සිය දයස් ගණනකි. සෑම වසරක් පාසාම බොහෝ දරුවන් ප්‍රමාණයක් සරසවිය වෙත දායාද කරන මීගහකිවුල ජාතික පාසල් මාතාව වියළුව කලාපයට එක් කරන්නේ මහත් අභිමානයකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
රටට, දැයට, ගුණ නැණ පිරි දරුවන් දායාද කරන මෙම බ/මීගහකිවුල ජාතික පාසල් මාතාව තවත් බොහෝ කාලයක් බැබලේවායි ප්‍රාර්ථනා කරයි.
නියෝජ්‍ය විදුහල්පති,
පූජ්‍ය තල්දෙන ධම්මදින්න හිමි.
මීගහකිවුල ජාතික පාසල.