අභිමන වඩවන හෙලයේ
ජනිත වූ ලංතා ධරණි තලේ
නිල් කඳු මැද්දේ තුරුලිය සෙවනේ
විරාජමාන වූ මෑණි මගේ
ඔබ අපගේමය අප ඔබගේමය
මීගහකිවුලේ විදු මෑණි ...
ජය ධජ කිතුගොස නංවාලන්නට
සිප් නැණ පහනින් එකලු කරන්නට
දිරිය බලය ශක්තිය ලැබදෙන ඔබ
සුරකිමු අපගේ පණනල සේ...
අභිමන වඩවන හෙලයේ...
සුජාත දරුවන් දැයට ජනිත කල
ඔබට නිගරු නොකරමු අප කිසි දින
ඔබ නම බබළමු බැතියෙන් පුද දෙමු
සුරකිමු අපගේ පණනළ සේ...
අභිමන වඩවන හෙළයේ...
මෑණි විදු මෑණී... මීගහකිවුලේ විදු මෑණි
සුරකිමු අපගේ පණනළ සේ...