(+94) 552245785
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • Register
  • Login
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • විදුහල පෙ.ව. 7.30 ට ආරම්භ වී පස්වරු 1.30 ට අවසන් වේ.
  • සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙ.ව. 7.15 ට පෙර පාසල් භූමියට ඇතුලත්විය යුතුය.
  • පාසල පටන් ගැනීමට පෙර පාසල් මිදුල සහ පන්ති කාමර පිරිසිදු කළ යුතුය.
  • පාසලේ නාදවන සියළුම සීනුවලට අවනත සිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් ඉටුකරන අසනීප තත්වයකදී පන්ති කාමරවල රැදී නොසිටිය යුතු අතර ඒ සඳහා පාසලෙන් නියමිත ස්ථානවල රැදී සිටිය යුතුය.
  • විවේක අවස්ථාව සඳහා නාදවන සීනුවට සියලුම සිසුන් ආහාර වේල ලබාගත යුතු අතර ඉටි කොළ භාවිතයෙත් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.
  • දිනට නියමිත ඉගෙනුම් කටයුතු අවසන් වී නාදවන මුල්ම සීනුවට වැඩ කටයුතු අවසන් කළ යුතුය. අනතුරුව සියලුම සිසුන් නැගී සිට නිශ්ශබ්ද විය යුතුය.
  • ශබ්ද විකාශන යන්ත්‍රයට අනුව සියලු සිසුන් ඡත්ත මානවක ගාථා මනා ශිකෂණයකින් යුතුව යුතුව සජ්ඣාජනා කළ යුතුය.
  • අවසන් සීනුව නාදවීමෙන් පසු සිසුන් දෙදෙනෙකු බැගින් පේළියට පාසල් භූමියෙන් පිටවිය යුතුය.
  • ශරීර සුවතා පැවැත්වෙන දිනවල සියලුම සිසුන් එයට සහභාගී විය යුතුය.
  •  පාසලට පැමිණීමෙන් පසු පාසල නිමාවන තුරු අවසරයකින් තොරව කිසිම හේතුවක් මත පාසල් භූමියෙන් බැහැර නොයා යුතුය.
  • යම් හෙයකින් දිනක පාසල් පැමිණිය නොහැකි වුවහොත් ඒ සෑම අවස්ථාවකම ශිෂ්‍ය වාර්ථා පොත මගින් දෙමාපියන් විසින් නොපැමිණීමට හේතු දක්වන ලද ලිපියක් පන්ති භාර ගුරුභවතාට ඉදිරිපත් කළ යුතුය.
  • පිරිමි දරුවන් පාසලට ගැළපෙන අයුරින් කොණ්ඩය කොටට කපා පැත්තට පීරා පැමිණිය යුතුය.විවිධ විලාසිතාවලට කෙණ්ඩය කැපීමෙන් වැළකිය යුතු අතර රැවුල ඇති දරුවන් නියමිත ආකාරයට රැවුල කැපිය යුතුය.
  • නියමිත නිළ ඇදුමින් සැරසිය යුතු අතර පාසලට නොගැළපෙන විලාසිතා (නූල්, විවිධ මාල, ආලේපන, සම මත කරන ලද කැටයම්) නොකළ යුතුය.
  • පිරිමි ළමුන් කලිසම ඉනෙන් පහළට එල්ලා හැලෙන ලෙස මැසීමෙන් වැළකිය යුතු අතර කලිසම සහ කමීසය ඇගට හිරවන සේ (ස්ලිම් ෆිට්) මැස්මෙන් සහ ඇදීමෙන් වැළකිය යුතුය.
  • පිරිපි ළමුන්ගේ කළිසම පාදම අවම "අඟල් 16 ත් උපරිම අඟල් 17 ත් " අතර විය යුතු අතර කළිසමේ ඉදිරිපස දෙපැත්තේ රැළි දෙක බැගින් සහ කලිසමේ පසුපස සාක්කු එකක් විය යුතුය.
  • කලු සපත්තු සහ කලු මේස් පැළදිය යුතු අතර විවිධ විලිසිතාවල සෙරෙප්පු හා සපත්තු පැළදීමෙන් වැළකිය යුතුය.
  • ශිෂ්‍යාවන් දණහිසින් පහළට දිගුවූ ගවුම ඇදිය  යුතු අතර ගවුමේ ඉන, ඉනට සිටින අයුරින් රැළි හතරක් වනසේ සහ ගවුම පහළ වාටිය අගල් 02 ක් වනසේ යොදා ඇගට නොඇලෙන ආකාරයෙන් මැසිය යුතුය.
  • කොණ්ඩය හොදින් පීරා දෙකට මැදින් බෙදා කරල් දෙකකට වනසේ ගොතා මැදින් දෙකට නමා කලු රිබන් පටියකින් ගැට ගැසිය යුතු අතර විවිධ විලාසිතාවල කොණ්ඩා කටු පැළදීමෙන් වැළකිය යුතුය.
  • සුදු සපත්තු සහ සුදු මේස් ඇදිය යුුතු අතර විවිධ විලාසිතාවල සපත්තු හා සෙරෙප්පු පැළදීමෙන් වැළකිය යුතුය.
  • නිය පොතු දිගට නොතැබිය යුතුයි. නිය සහ තොල් ආලේපනවලින් වැළකිය යුතුයි.
  • ටයි පටිය සහ පාසල් ලාංඡන නිළ ඇදුමේම කොටසක් ලෙස සැළකිය යුතුයි
  • පාසල් ශිෂ්‍ය / ශිෂ්‍යාවන් අත් ඔරලෝසු පැළදීමෙන් වැළකිය යුතුය.
  • අත්‍යාවශ්‍ය හදිසි අවශ්‍යතාවකට හැරුණු විට පාසල් කාළය තුළදී දෙමාපිය භාරකරුවන් සිසුන් මුණගැසීමෙන් වැළකිය යුතුය.
  • දෙමාපිය භාරකරුවන් හැර පරිබාහිර පුද්ගලයන් ළමුන්ට මුණගැසීමට අවස්ථාව ලබා නොදේ.
  • අනවශ්‍ය පොත්පත්, සඟරා, ඩීවීඩී තැටි, ජංගම දුරකථන හෝ වෙනත් විද්‍යුත් උපකරණ පාසලට ගෙන ඒමෙන් වැළකිය යුතුයි.
  • ඉගෙනුම් කටයුතු කෙරෙන අවස්ථාවල තනිව හෝ කණ්ඩායම් වශයෙන් පන්තියෙන් බැහැරව සිටීමෙන් වැළකිය යුතුය.
  • පන්තියෙන් පන්තියට මාරුවන අවස්ථාවේදී අනවශ්‍ය ඝෝෂාවක් ඇතිවන අයුරින් කටයුතු නොකළ යුුුතු අතර පේළියට ගමන් කළ යුතුය.
  • පාසලෙන් පිටතදී පාසලට ගෞරවයක් ලැබෙන සේ කටයුතු කළ යුතුක.
  • ඉගැන්වීම් සිදුකරන වේලාව තුළ භෝජන ශාලාවේ අනවශ්‍ය අයුරින් ගැවසීමෙන් වැළකිය යුතුය.
  • පාසල නියෝජනය කරමින් සහභාගීවන කවර අවස්ථාවක වුවද සම්පූර්ණ තිළ ඇදුමෙන් සහභාගී විය යුතුය.
  • සෑම අවස්ථාවකම ගුරු මහත්ම / මහත්මීන්ගේ අවවාද අනුශාසනා, නියෝග වලට අවනත විය යුතුය.
  • පාසල සතු දේපළ මෙන්ම පොදු දේපළ ද සෑම විටම ආරක්ෂා කළ යුතුය.
  • පාසල් සංවර්ධන සමිති, පන්ති කව ආදියට දෙගුරුන් අනිවාර්යයෙන්ම සහභාගී කළ යුතුය.
  • සිසුන් සම්බන්ධ ගැටලු වලදී දෙමව්පිය නොවන පිටස්තර පුද්ගලයින් සම්බන්ධ කිරීමෙන් වැළකිය යුතුය.
  • ශිෂ්‍ය නායක / නායිකාවන් සෑම විටම අනෙකුත් සහෝදර ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට ආදර්ශයක් වන අයුරින් හැසිරිය යුතුය.
  • ශිෂ්‍ය නායක / නායිකාවන්ට අනෙකුත් ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සවන්දිය යුතු අතර ඔවුන්ට උපරිම සහයෝගය ලබාදිය යුතුය.
  • සියලු ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සහෝදර ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට ආදර්ශයක් වන අයුරින් සෑම විටම කටයුතු කළ යුතුය.
  • සෑම විටම පාසලේ ගෞරවය ආරක්ෂා වන අයුරින් මෙන්ම තමන්ගේ ගෞරවයද ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය.
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Meegahakiula National School , Meegahakiula , Badulla.

: (+94)552245785

: (+94)552245785

: [email protected]

Supported By

© 2026 MEEGAHAKIULA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk