(+94) 552245785
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • Register
  • Login
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

සුන්දර කඳු වළල්ලකින් වට වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

කීර්තිමත් ආයතනයක ඉතිහාසය පෙළ ගස්වන්නට හා එය හැකි තරම් නිරවද්‍යතාවයකින් යුක්තව කරන්නට වෑයම් කරමින් වර්තමානයේ සිට අතීතය දෙස බලන්නට අපි උත්සහ දරමු. ඒ උත්සහයේ දර්ශනය තුළින් නැවත අපැහැදිලි අතීත ලක්ෂයක සිට වර්තමානය කරා පෙල ගස්වා ඒ තුලන් අනාගතය ප්‍රක්ෂේපනය කරන්නට වෙර දරමු. නිවැරදි බව කොතරම් ආකර්ෂණීය වුවත් එය ප්‍රත්‍යක්ෂයෙන්ම අත්විදීම දුර්වල සිදුවීමකි. එසේම නිවැරදි බව යුතුකමක් මිස ශිලයක් නොවේ. මේ වදන් මෙහිලා සිහිපත් කළේ හැකි තරම් නිවැරදි බවින් යුක්තව ඉතිහාසය පිලිබඳව සටහන් තබන්නට උත්සහ ගන්නා බව අවබෝධ කරලීමටයි.

අතීතයෙන් අනාගතයට යන ගමන ඉතිහාසය යැයි නැන්සෙන් නම් දේශ ගවේශකයා පවසා ඇත. මේ ගමන අවලෝකනය කිරීම ඵලදායි වන්නේ වර්තමාන ක්‍රියාකාරිත්වය උදෙසා එයින් ලැබෙන මාර්ගෝපදේශකත්වය යොදා ගැනීමෙනි. වර්තමානයේ ක්‍රියාකාරිත්වය කුමක් සඳහාද? අනාගතය සඳහාය. අපේක්ෂිත අනාගත තත්වයක් කරා යෑමේදි ඉතිහාසය අර්ථවත් වන්නේ මේ ආකාරයෙනි.

බ/ මීගහකිවුල ජාතික පාසල යන කීර්තිමත් නාමයෙන් අද හැදින්වෙන ආයතනයේ ආරම්භය 1912 වසරේදී මීගහකිවුලේදී සිදු විය. එය ඉතා නිසංසලේ සෙමින් සිදුවූ අපූර්ව සිදුවීමක් විය. එවකට ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන ආසනයට අයත්ව තිබූ බදුල්ල - මහියංගන මහා මාර්ගයෙහි 14, 15 සැතපුම් කණු අසල පිහිටි මීගහකිවුල කුඩා නගරය මහියංගන වන්දනා සඳහා පා ගමනින් දින ගණන් මග ගෙවා යන වන්දනා කරුවන්ගේ නවාතැන් පළක් විය. මේ නැවතුම් පළට අසලින් පිහිටි ප්‍රදේශයේ එවකට ඉඩම් හිමි කාන්තාවක් වූ ස්ටෝරු ගෙදර අක්කා නමින් හැදින්වූ බණ්ඩාර මැනිකා මහත්මියට අයිති ඇය විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක දැනට ප්‍රාථමික විද්‍යාලය පිහිටි ස්ථානයේ මෙම පුංචි ශිල්පායතනය ඇරඹීණි. මේ ආයතනය සඳහා කටු මැටි බිත්ති බැදෙන හැටි, ඉලුක් මානන් වහල ඉදිවෙන සැටි බටහිර පැත්තේ බුදුරාව කඳු වැටියත්, නැගෙනහිර පැත්තේ කලු කැලේ කඳු වනයත්, දකුණු පස රොබෙරිය මඩොල්සිම කඳුත් හොර රහසේ බලා සිටින්නට ඇත. මෙම ආරම්භක ස්ථානයේ සිට බදුල්ල දෙසට මයිල 04ක් පමණ ලෙවූ විට හමුවන තල්දෙන ග්‍රාමයේ පිහිටි මිෂනාරි පාසලත්, මීගහකිවුල අරාව මාර්ගයේ ආරම්භක ස්තානයේ සිට සැතපුම් 05ක පමණ දුරින් පිහිටි අරාව පාසලත් හැරෙන්නට වෙනත් පාසලක් නොතිබීම මෙම ස්ථානයේ පාසලක් ඇරඹීමට මූලික අවශ්‍යතාවයක් විය.

එදා පැවති වනාන්තර ස්වභාවයත් ඒ තුළ විහිදී තිබුණු කුඩා මංපෙත්, වන සතුන්, මානන් පැල්පත් හා දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් සඳහා සුභ සාධන කටයුතුත්, පරිපාලන තන්ත්‍රෙය් විෂයය ක්ෂේත්‍රය විය. රටේ මහත්මයෙක්ගේ පාලනය යටතේ වූ මේ ප්‍රදේශයේ යට කී ආර්. එම්. බණ්ඩාර මැණිකා මහත්මියගේ පියාණන් රටේ මහත්මයා ලෙස කටයුතු කරමින් පාලනය කරන ලදි.

1815 අධිරාජ්‍ය තවත් ව්‍යාප්ත වන්නය පෙර හෙළ රණවිරුවන්ගේ අපරාජිත බිමක් වූ මෙම ඌව භූමි ප්‍රදේශය සෞභාග්‍යමත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ගොඩනඟා ගෙන තිබුණි. වන සරණ මැකීගිය දඩමන් වැනි, වනයේ ජීවත් වූ චරිත මූර්තිමත් කරන කුළුබඩු වෙළෙන්දෝ, රෙදි පොට්ටනිකාරයෝ මෙම ප්‍රදේශයේ සැරි සරන්නනෝ විය. රෙදි මිලට ගන්නට පොට්ටනි බැදගත් චීන මිනිසුන් වෙත යොමු වූ ගැමියෝ තවලන් යොදා ගෙන්වාගත් ලුණු වෙළෙන්දෙක් වෙතින් දිය ලුණු ලබාගත්හ. ලුණු මහාර්ඝ වස්තුවත් ලෙස සිතු යුගයේ මිනිසුන් හැමවිටම් ඔහුට ගරු කලහ. තම වැසියන්ගේ සෑම කටයුත්තකදීම නායකයා ඒ ගැන සොයා බැලීද සිරිත විය. තරඟකාරිත්වයෙන් බොහෝ දුරට ඈත් වූ සංයමශීලි හා සුහදශීලි අන්‍යෝන්‍ය උපකාරය මත සහජීවනයෙන් ජීවත් වීමට ඔවුහු පුරුදු වී සිටියහ. සැමදෙනා සැමවිටම සැමගේ කාර්යයන් හීදි සහභාගි වූහ.

ස්වයංපෝෂිත ආර්ථික රටාවක් හා සංස්කෘතික වශයෙන් වැදගත් තත්වයන සිටි ජනතාවගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමේ අරමුණු සහිතව ආරම්භ කෙරුණු බුද්ධි ආයතනය, පාසල් වයස ඉක්මවූ පාසැල් දැරුවන් කිහිපදෙනෙකුගෙන් ආරම්භ වී විකාශනය වී වර්ෂයන් ඔස්සේ ඇදී ආ ගමන වර්තමානයට සමීප වීම රසවත් මෙන්ම අත්දැකීම් සහිත කතාන්දරයක් විය.

1912 වර්ෂයේ සිටම ශිෂ්‍ය සංඛ්‍යාව වසරින් වසර කිහිපදෙනා බැඟින් වර්ධනය වීමේදී තාවකාලික ගොඩනැඟිලි ඉදිවිනි. රුක් පාමුල ඉදිවූ නිදහස් පංති කාමර වැලිබිම් අකුරු ලිවීම වැලි පිල්ල ආයතනයේ විෂය සංවර්ධනයට උපකාරි වූ ඉගෙනුම් ආධාරක විය. රජයේ අවධානය මත ඉදිවූ ස්ථිර ගොඩනැගිල්ල 1939 නොවැම්බර් 30 දින විවෘත කරන ලදි. වර්තමානයේදී බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියෙහි යෙදෙන්නේ එම ස්ථිර ආරම්භක ගොඩනැගිල්ල තුළය.

මෙම පාසල 1963 – 07 – 01 වන දින බ/ මීගහකිවුල මහා විද්‍යාලය තත්වයට උසස් කරන ලදි. මේ අවදියේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කලේ ආර්. සෙනෙවිරත්න නම් මහත්මයෙකි. මහා විද්‍යාලයක් වශයෙන් නම් කෙරුණු පසුව එම්. බී. මාරපන මහතා විදුහල්පති වශයෙන් පත්වී ආවේය.

පළමුවරට මෙම විදුහලින් විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් සමත් වූ සිසුන් අතර රූපා සෙනෙවිරත්න ශිෂ්‍යාවත්, මනතුංග තෙන්නකෝන් ශිෂ්‍යායාත් ඉතිහාසයට එක්විය. විශ්ව විද්‍යාලයට ඇතුළත් නොවූවත් මෙම පාසලේ ප්‍රථමවරට උසස් පෙළ සමත් වූ ශිෂ්‍ය්‍යා ලෙස එච්. ඩී. එම්. චන්ද්‍රපාල ඉතිහාසගත වී ඇත.

මෙම අවදියේ දෙවරු පාසලක් ලෙස පවත්වාගෙන ගිය විදුහලට 1969 දි තවත් ස්ථිර 80 x 20 ගොඩනැගිල්ලක් ලැබීමෙන් එක් වරුවක විදුහල පවත්වාගෙන යාමට අවස්ථාව සැලසිණි.

ප්‍රදේශයේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන ප්‍රධාන ආයතනය ලෙස මෙම විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වීම නිසා විදුහලට මේ වන විට පැවති ස්ථානයේ ඉඩකඩ සීමා සහිත වන්නට විය. මේ අනුව විද්‍යාලයේ ඉඩ පුළුල් කිරීමේ අවශ්‍යතාවය ඇතිවිය.

1996 වර්ෂයේ රජයට පවරාගත් ඉඩම් වලින් අක්කර 10ක බිම් ප්‍රදේශයක් පාසල සඳහා වෙන්කර දෙන ලදි. මෙම ස්ථානය මීගහකිවුල ජාතික පාසල පිහිටි ස්ථානයයි. මුලින්ම එහි ඉදිකරන ලද 60 x 20 ගොඩනැගිල්ල 06 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් ඇතුළත් කරමින් නව පාසල ආරම්භ කරමින් 1971- 04- 05 දින පාසල ඉවත් කර මහා විද්‍යාල අංශය වෙනවම පවත්වාගෙන යන ලදි. ඒ බව පහත නිල සටහනේ මෙසේ දැක්වේ.

196.-07-01  -         ඌව ප්‍රදේශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අංක බ/167 දරණ ලිපිය පරිදි මෙම විද්‍යාලය අද සිට මහා                                  විද්‍යාල තත්වයට උසස් කර ඇත.

                                                                                අ.කළේ -: වැ. බ. මුල් ගුරු

1971-04-05 -        අද දින සුභ මොහොතින් නව මහ විදුහල් ගොඩනැගිල්ලේ පන්ති ආරම්භ කරන ලදි. උදෑසන රැස්වීම පවත්වා                                   නිසි උපදෙස් ලබා දුනිමි. ගුරු දෙගුරු සමිතියේ භාණ්ඩාගාරික මහත්මා දෙගුරුන් වෙනුවෙන් ළමුන් ඇමතුවේය.

අ.කළේ -: ඩබ්. එම්. සිල්වා

උසස් පෙළට කලා හා වානිජ පන්ති ආරම්භ විය. ක්‍රීඩා පිටියක් තනන ලදි. ඉන් අනතුරුව පර්ෂද බිහිවීමේදී මෙම විද්‍යාලය පර්ෂද මූලස්ථ විද්‍යාලයක් බවට නම් කර විදුහල් 15කට නායකත්වය ලබා දෙමින් අධ්‍යාපන සංවර්ධනයට යොමුවන ලදි. අධ්‍යාපනික හා සමාජයීය කටයුතු වලදි මධ්‍යස්ථානයක් ලෙස ජනතාවටත්, ප්‍රදේශයේ නිළධාරි මහතුන්ගේ හා ප්‍රජාවගේ උපකාරය ද ලබා ගනිමින්, විද්‍යාලයේ දියුණුවට ගුරු හා සිසු පිරිස දැඩි කැපවීමකින් කටයතු කර ඇත. එවකට අධ්‍යාපන සංස්කෘතික දේශීය වෛද්‍ය හා කාර්මික විද්‍යාල භාර ගරු ඇමතිතුමන්ගේ උපදෙස් මත විද්‍යාලය භෞතික වශයෙන්ද සංවර්ධනය වෙමින් විශාල ඉදිරි ගමනක සිහින මවමින් 1994 මැයි මස 25 දින ජාතික මට්ටමේ මද්‍ය මහා විද්‍යාලයක් බවට පත්විය.

 

 

 

 

 

MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Meegahakiula National School , Meegahakiula , Badulla.

: (+94)552245785

: (+94)552245785

: [email protected]

Supported By

© 2026 MEEGAHAKIULA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk